සාමණේර පඤ්හො (සාමණේර ප්‍රශ්නය)

ශ්‍රවණය කිරීම සඳහා

01. ඒක නාම කිං? සබ්බෙ සත්තා ආහාරඨිතිකා.
එක නම් කිම? සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත්වන්නෝය.

02. ද්වෙනාම කිං? නාමඤ්ච රූපඤ්ව.
දෙක නම් කිම? නාම රූප දෙකය.

03. තීණි නාම කිං? තිස්සෝ වේදනා.
තුන නම් කිම? සුඛ, දුක්ඛ, උපේක්ෂා යන තුන් වේදනාවෝය.

04. චත්තාරි නාම කිං? චත්තාරි අරියසච්චානි.
සතර නම් කිම? දුක්ඛ, සමුදය, නිරෝධ, මර්ග යන සතර ආර්ය සත්‍යයෝය.

05. පඤ්ච නාම කිං? පඤ්චුපාදානක්ඛන්ධා.
පහ නම් කිම? රූප, වේදනා, සංඥා, සංඛර, විඥාන යන උපාදානස්කන්ධ පහය.

06. ජ නාම කිං? ජ අජ්ඣත්තිකානි ආයතනානි.
සය නම් කිම? ඇස, කන, නාසය, දිව, කය, මනස යන පංච කාමයන් කෙරෙහි වු ආයතන සයය.

07. සත්ත නම කිං? සත්ත බොජ්ඣංගා.
සත නම් කිම? සති, ධම්ම විචය, ප්‍රීති, වීරිය, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යන බොධ්‍යංග සතය.

08. අට්ඨ නාම කිං? අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ.
අට නම් කිම? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගයි,

09. නව නාම කිං? නව සත්තාවාසා.
නවය නම් කිම? නානත්තකායා, නානත්ත සඤ්ඤිය, නානත්තකායා ඒකත්ත කායානානත්ත සඤ්ඤිය, අසඤ්ඤිය, ආකාසානඤ්චායතනුපයය, විඤ්ඤානඤ්චායතනුපගය, ආකිඤ්ඤාණුයතනුපගය, නෙව විඤ්ඤානාසඤ්ඤායතනුපගය යන සත්වා වාස නවයය.

10. දස නාම කිං? දසභංගේහි සමන්නාගතෝ අරහති වුච්චතීති.
දහය නම් කිම? අසෙඛ සම්මා දිට්ඨි, අසෙඛ සම්මා සංකප්ප, අසෙඛ සම්මා වාචා, අසෙඛ සම්මා කම්මන්ත, අසෙඛ සම්මා ආජීව, අසෙඛ සම්මා වායම, අසෙඛ සම්මා සති, අසෙඛ සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළු අසෙඛ සම්මා ඥානය, අසෙඛ සම්මා විමුක්තිය යන අංග දහයෙන් යුත් වූයේ රහත් තෙමේ යයි කියනු ලැබේ.