පච්චවෙක්ඛණා (ප්‍රත්‍යවෙක්ෂා)

ශ්‍රවණය කිරීම සඳහා

01. පටිසංඛායෝනිසෝ චීවරං පටිසේවාමි, යාවදේව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංස-මකස-වාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය, හිරිකෝපීන පටිච්ඡාදනත්ථං

02. පටිසංඛායෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි, නේවදවාය න මදාය නමණ්ඩනාය න විභූසනාය යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසුපරතියා බ්‍රහ්මචාරියානුග්ගහාය ඉති පුරාණඤ්ච වේදනං න උප්පාදෙස්සාමි. යාත්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරෝචාති.

03. පටිසංඛායෝනිසෝ සේනාසනං පටිසේවාමි, යාවදේව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය, ඩංස-මකස-වාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝතාය යාවදේව උතුපරිස්සය විනෝදනං පටිසල්ලානාරාමත්ථං.

04. පටිසංයෝනිසෝ ගිලානපච්චයහේසජ්ජපරික්ඛ්ඛාරං පටිසේවාමි, යාවදේව උප්පන්නානං, වෙයියාබාධිකානං වේදනානං පටිඝාතාය අබ්‍යාපජ්ඣපරමතායාති.



දෙතිස් කුණප කොටස් විසින් අසාර වූ ආත්ම භාවය, යම් හේතුවක් නිසා පවතීද, ඒ හේතුව සිහි නුවණින් යෙදී ලෝභාදී පාපධර්මයන් නොවැඩෙන ලෙස ප්‍රයෝජන ගත යුතු ආකාරය, දක්වනු සඳහා ප්‍රත්‍යවෙක්ෂා ධර්මක්‍රමය ඇතුලත් කරන ලදි.

ප්‍රත්‍යවෙක්ෂාව නම් තමන් ප්‍රයෝජනයට ගන්නා සිවුපසය ගැන නුවණින් වෙන් වෙන්ව බැලීමයි. එය දෙවැදෑරුම්ය. චීවර ආදිය ලබන කල ද, ප්‍රයෝජනයට ගන්නා කල ද, ප්‍රත්‍යවෙක්ෂා කළ යුතුය.

නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කොට ඒ ඒ ප්‍රයෝජන වෙන් වෙන් වශයෙන් සලකා සිවුරු වැලඳ ගනිමි. යම්තාක් ශීතල නසනු පිණිස ද සිරුර සපා ලේ බොන ඇට මැසිය,විද ලේ බොන මදුරුය, සුළඟය අව්වය විසකුරු සර්පාදී දීර්ඝ ජාතිය, යන මොවුන් පිළිබඳ ස්පර්ශයන් නසනු පිණිස ද ලජ්ජා ස්ථාන වසා ගන්නා පිණිස ද සිවුරු ගනිමි.

නුවණින් පරීක්ශාකොට ඒ ඒ ප්‍රයෝජන වෙන් වෙන් වශයෙන් සලකා පිඬු වළඳමි, බාල දරුවන් සේ ක්‍රීඩා සඳහා සවිබල සඳහා ද පුරුෂ ශක්තිය වඩනු සඳහා ද, අංග ප්‍රත්‍යංග ප්‍රීණනයෙන් අලංකාර කරනු පිණිස ද ඡවි පැහැය වැඩිකොට ගැනීම පිණිස ද නොවළඳමි, මේ ජිවිතයාගේ පැවැත්ම පිණිස, යැපීම පිණිස, බඩගිනි වේදනා නසනු පිණිස ආහාර වළදමි. මෙසේ වැළදීමෙන් පැරණි වේදනා නසන්නෙමි. අලුත් වේදනා නූපදවමි. නුසුදුසු සෙවීම් දුරු කිරීමෙන් දැහැමින් සෙමින් උපන් බැවින් නිවරද බැව් ද පමන දැන වැළඳීමෙන් කාය බල ලදින් යෙහෙන් විසීම ද, සිදුවේ යයි සලකා මේ ආහාර වළඳිමි.

නුවණින් සලකා ශීතල නැසීම ආදී ඒ ඒ ප්‍රයෝජන වෙන් වෙන් වශයෙන් සලකා මෙම සෙනසුන් පරිහරණය කරමි. යම්තාක් ශීත පීඩා නසනු පිණිස ද උෂ්ණ පීඩා නසනු පිණිස ද දෂ්ට ඔට ලේ බොන මැස්සන්, සිරිර විද ලේ බොන මදුරුවන් සුළඟ අව්ව හා සර්පාදීන් යන මොවුන්ගේ දුක් පහස් නසනු පිණිසද හැමවිටම, ඍතු උපද්‍රව නසනු පිණිස ද සිත එකඟ කිරීමේ ඇලෙනු පිණිස ද සෙනසුන් භාවිත කරමි.

ඒ ඒ ප්‍රයෝජන වෙන් වෙන්කොට සලකා ගිලන්පස බෙහෙත් වළඳමි, හැම වේලෙහිම උපන් සිරුර පෙළෙන්නා වු දුක්කවේදනාවන් නසනු පිණිස ද නිරෝගී බැව් උතුම් බැවින් ද ගිලන්පස බෙහෙත් වළඳිමි.

ප්‍රත්‍යවෙක්ෂාව නම් තමන් ප්‍රයෝජන ගන්නා සිවුපසය ගැන වෙන් වෙන්ව නුවණින් සලකා බැලීමයි. එය දෙවැදෑරුම්ය. සිවුපසය ලබන විටත් ප්‍රයෝජනයට ගන්නා විටත් මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කළ යුතුයි.